Sunday, September 30, 2012

08. සබ්මැරීන් චාරිකාවේ ඉතිරිය...



මේ හෙන්රිබ්ලොග්වෝකර්ගෙ අර දුර්ලභ ඡායාරූපය, බ්ලොගර් ප්‍රොෆයිල් පික්චර් එක."කෝ අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවාගෙ ෆොටෝ එක නෑනෙ" කියලා අපේ සෙන්නා අහලම තිබ්බා. මෙන්න බඩු. :D

දිය යට සිට මුහුදු මතුපිට දු‍ටු අවසන් හිරු කිරණ වියැකිලා ගියා මතකයිනෙ?
මේ කතාවෙ අගක් මුලක් තේරෙන්නෙ නැතිනම් කියවන්න මේ කතාවෙ පළමු කොටස, "එන්න සබ්මැරීන් එකක යන්න"
 
අද එතැන් සිට...

Saturday, September 29, 2012

07. එන්න සබ්මැරීන් එකක යන්න!


මීට අවුරුදු කීපයකට කලින් අපි ගියා සබ්මැරීන් එකක. ජර්මනියෙ නිෂ්පාදනය කරපු මේ සබ්මැරීනය,  මාල දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහාම වෙන් වූවක්.  මුලදි මුලදි නම් මේ සබ්මැරීනය පැදවූයෙ ප්‍රංස ජාතික නියමුවන්, දැන්නම් දේශීය නියමුවො පුහුණු කරලා තියෙන්නෙ. කතාව පින්තූරෙන්ම කිව්වා නම් ඉවරයි නේ?

Friday, September 28, 2012

06. කණ්ඩාලෙ

ගෙදරින් එලියට බහින කොටම හූනෙක් “චුක් චුක්” ගෑවොත් නම් ඒක බාදාවක් කියනවනෙ. එතකොට අල්ල කසන්නෙ සල්ලි හම්බවෙනලු. තව,… කපුටෙක් ගේ ලඟටම ඇවිත් “ක්‍රාව් ක්‍රාව්” ගාල කෑගැහුවොත් නෑදෑයො එනවලු. නමුත් දන්නවද බල්ලා පස්ස පැත්තෙන් යන්නෙ ඇයි කියලා?

මම නම් හිතා හිටියෙ, බල්ලා ‘අර වැඩේ’ ඉවර කරලා, පස්ස පැත්ත පිහදාගන්න ටොයිලට් පේපර් එකක් වෙනුවට තණබිම පාවිච්චි කරනවා කියලයි. ඇත්තෙන්ම මම හිතන් හිටියෙ මෙහෙමයි දවසක් කණ්ඩාලෙ, “අද අපේ ගෙදර කවුරු හරි එනවා… අපේ බල්ලා පු*න් ගියා!” කියලා මහ හඬින් තාලයට ඇදලා පැදලා ගායනා කරන කල්. 

 මම නම් ඒ තියරිය ඇහුවාමයි. මේකා මේක ගායනා කලෙත් අර පැඩිඩිලියන්ලාටම ආවේනික, කැටයම් සහිත භාෂා විලාශයෙන්, කටින් වෙට්‍ටු හෙම දාලා.

Wednesday, September 26, 2012

05. හෙයා ජෙල්


මේකත් උමේෂ් මට කියපු කතාවක්.


මං පොඩි කාලෙ මචං, බාත් රූම් එකට ගියාම අක්කලගෙ බියුටි කල්චර් බඩු තියෙනව දකිනවා. එක එක ටියුබ්, බෝතල්, වගෙ නා නා ප්‍රකාර දේවල්.  මාත් හොරෙං ඕව ගාලා අත් හදා බැලීම් කරනව.


දවසක්, තියෙනව ලේබල් එකේ ලස්සන කොන්ඩයක් තියෙන මරු බෝතලයක්. අමාරුවෙන් HAIR කියන එක කියවා ගත්ත. නාල හෙම ඉවර වෙලා, කොන්ඩෙ පිහදාල, චූට්ටක් අල්ලට හලාගෙන, කොන්ඩෙ ගාල බැලුවා. අවුලක් නෑ. මරු සුවඳත්. පීරල බැලුව. කොන්ඩෙත් හොඳට කොන්ට්‍රෝල්. මම හොය හොය හිටිය බඩුවක්නෙ.


04. සීමාව ලකුණු කිරීම

උමේෂ්ගෙ ඩැඩී ටිකක් එක විදියක චරිතයක් කියලයි මට හිතෙන්නෙ. එයා වැඩිය ගෙදර ඇත්තෙත් නෑ. සති අන්තයෙ විතරයි ගෙදර එන්නෙ මොකද එයා ඈත පලාතක උසාවියක වැඩ කරපු නීතිඥයෙක් නිසා. හිටියත් කා එක්කවත් වැඩි කතාවක් නෑ. මම මග ඇරලමයි හිටියෙ. මට හිතුනෙ, ඇත්තටම මම එහෙ ඉන්නවට, එයා කැමති නැතුව ඇති කියලයි. ඒ, මට ඒ දවස්වල හිතුන හැටි.


Monday, September 24, 2012

03. වරදකාරී හැඟීමට එළවලු වලින් ප්‍රතිකාර

මතක ඇතිනෙ පැඩිඩිලියන් අංක එක? මේ ඒ සීරීස් එකේම තව කතාවක්. 

සුරේෂ් තමයි උමේෂ්ගෙ මල්ලි. මම මාස කීපයක් ඒ ගෙදර බෝඩ් වෙල හිටියනෙ. බෝඩ් වෙලා හිටිය කිව්වොත් ඇත්තටම ඒක පැඩිඩිලියන් පවුලට කරන අපහාසයක්. ඒ මොකද මම හිටපු මුලු කාලෙටම, බෝඩින්ං ගාස්තු කියලා සත පහක් වත් අයකලේ නැති නිසා.

යකෝ, උඹ මේ බ්ලොග් එකක් අටවගෙන කරන්නෙ, ඒ මිනිස්සුන්ට මඩ ගහන එක නේද කියල කෙනෙකුට දැන් හිතෙන්න පුලුවන්. නමුත් මගෙ චේතනාව පවිත්‍රයි. මේ කරන්නෙ ඇත්තටම උපහාරයක් කියලයි මට හිතෙන්නෙ. තව තව උපහාර, තව තව ඉස්සරහට. ඔහොම යංකෝ.

Saturday, September 22, 2012

02. පැඩිඩිලියන්ලා.

අපි අධිරාජ්‍යවාදීන්ගෙන් නොයෙකුත් දේවල් අරන් තියනවනෙ. කමිස, සපත්තු, එතකොට සිල්වා, පෙරේරා වගෙ දේවල් සිංහල නොවන බව නොදන්න කට්ටියත් අප අතර ඉන්නවා. ඒත් අහල තියෙනවද පැඩිඩිලියන්ල ගැන?

මට හිටියනෙ සෙට් එකක්ම පැඩිඩිලියන්ලා. සෙට් එක කියන්නෙ පවුලක්ම. උමේෂ් පැඩිඩිලියන් මට හම්බ උනෙ පේරාදෙනියෙ අපේ පූර්ව සේවා පුහුණුවෙදි, (සිංහලෙන් නම් Pre-service Training) මූ තරමක හැන්ඩියා – ටිකක් මඩුගල්ල වගෙ.

01. Forever In Blue Jeans

හිතවතුනේ,

මම කවදත් ආසා නිල් ඩෙනිම් වලටයි ටීෂර්ට් වලටයි නිසා මේ බ්ලොගයටත් ඒ නමම දාන්න හිතුවා. අනේ උඹේ හඩු ඩෙනිම කියලා අනිත් උන් කියද්දී මම කොච්චර සතු‍ටු වුනාද? මේ බ්ලොග් අඩවියත් මගෙ ඩෙනිම වගේම හැමදා මා ලඟ ඉඳීවි.

Dude
aka henryblogwalker