Friday, January 25, 2013

40. දෙවන කොටස මෙන්න පිටවුනා.


වර්ඩ්ප්‍රෙස් පිටපත "සැරද ගුරුතුමණි: බණ ටෝකිං!" සඳහා 'මට හිතෙන හැටි වෙත මෙතනින්.

පහුගිය ලිපියේ ඔබේ ප්‍රතිචාර වලට මම කිසිවක් කියන්න නොගියේ ඉන් සමහරකට පිළිතුරු දෙන්න ගියොත් ඔබ දැන් කියවන්න යන මෙම දෙවෙනි කොටසට ඉන් බලපෑමක් ඇතිවිය හැකි නිසායි. නමුත් ඉන් මතුවූ සමහර කරුණු මේ කොටසට ඇතුලත් කරන්න මම හිතුවා.

Wednesday, January 23, 2013

39. FAQ: Teaching Abroad

මතකනෙ මම අන්තිමට ලියපු පෝස්ට් එක? බැලුවෙ නැතිනම් මෙතනින් යන්න.

WordPress  පිටපත සඳහා මට හිතෙන හැටි වෙත මෙතනින්.

මම මෙහෙම ප්‍රකාශයක් කලානෙ.

'...අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය  උපරිම, නමුත් නිදහස නැති ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බලාපොරොත්තු වෙන නිසා, සමාජය සතු‍ටු කරන එක ඔක්කොටම එහා. ‍රැකියා තෘප්තිය කියන දේ මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන...'

මේකට මගෙ සහෘදයො එක එක අදහස් ඉදිරිපත් කලා...මම මෙතනදි දාලා තියෙන්නෙ මම ඊලඟට කියන්න යන දේට කෙලින්ම දාල කමෙන්ට් කොටස් විතරයි.

Saturday, January 19, 2013

38. මං කවුරු වෙන්නද ආසා...


මේ චිත්‍රය මම ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකේ අතින් ඇඳලා පස්සෙ ෆෝටෝෂොප් ඉෆෙක්ට් එකක් දාලා තියෙන්නෙ. ගිය පාර අතින් ඇඳපු ඩයස්ගෙ චිත්‍ර ගැන හුඟ දෙනක් කතා කල නිසයි මේක ලිව්වෙ.

"අවුරුදු පහළොවක්ම බ්ලොග් ලිව්වට පස්සෙයි ඕං මට ලියන්න  හැකියාවක් නැති බව මම දැනගත්තෙ?"

"ඈහ්, එතකොට මොකද කලේ? බ්ලොග් ලිවීම අතෑරියා?"

"මගුලක් කතා කරනවා? ලිවීම අතාරින්නෙ කොහොමද? ඒ වෙනකොට මම හෙන ජනප්‍රිය බ්ලොගර් කෙනෙක් වෙලා ඉවරයි."

මේක මම අහලා තියෙන පොඩි විහිලු කතාවක් වුනාට, මට වෙලා තියෙන දේත් එක්ක මේකෙ යම් අදාලත්වයක් තියෙනවා.


(මේ ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින් යන්න.)


Thursday, January 17, 2013

37. ඩයස් 2 – “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

 මේ තව ඩයස් කතාවක්.

 ඩයස්ගෙ පළවෙනි කතාව බැලුවෙ නැති නම් මෙතනින් ගියෑකි.

එක ගුරුවරයෙක් පන්තියෙං ගිහිං අනිත් ගුරුවරයා එනකල් පොඩි නිදහස් වෙලාවක් තියෙනවනෙ. ඔය වෙලාවට තමයි ළමයි කලු ලෑල්ල මකන්නෙ. ඔය  කලු ලෑල්ල මැකිල්ලත් අනිත් උන්ව හිනස්සන ආකාරයට කරන්න පුලුවන් විකට ශිල්පියො ඉන්නවනෙ පන්ති වල. 

ඩයසා ලමයින්ට දඬුවම් දෙන ගුරුවරයෙක්. ඉතින් ඩයස් නෝට් කරල තියෙනවා නිතරම වගෙ එයා පන්තියට යනකොට එක පන්තියක බෝඩ් එකේ ‘ගු’ යන්නකුයි ‘ටි’ යන්නකුයි ඉතුරු කරලා ඉතුරු ටික මකලා තියනවා. 

ඩයසා ඕක නොදැක්ක ගානට කීප දවසක් ඉඳලා. මූ බෝඩ් එක දිහාට හැරෙන කොට පොඩි හිකි හිකියකුත් එනවා.

එදා පන්තියට එනකොට මූ ඇත තියාම නෝට් කරල එදත් බඩු තියෙන බව.  ඩයසා ගිහිං බෝඩ් එක ඉස්සරහ පන්තියට මුහුණ දාලා හිටගෙන දුන්න පොඩි දේශනයක්. 

“… මේකෙ ඉන්නව ටිකක් ගානට වැඩි එවුං කීප දෙනෙක්. අහු වෙන්ඩෙපා මට…”දැන් කමිස අතත් පොඩ්ඩක් උඩට ඇදලා. අත මිට මොලවලා මාපට ඇඟිල්ල උරහිසට උඩින් කලුලෑල්ලදිහාට දික්කරලා කිව්වා, “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.” කියල. 



Tuesday, January 15, 2013

36. ඩයස් 1 – “ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”


ඩයස් වැඩ කලේ උමේෂ්ගෙ ස්ටාෆ් එකේ. ඉගැන්නුවෙ ගණිතය. ඒ අවුරුද්දෙ අම්පාරට වැස්ස මාර වැස්සක්. කොච්චර වැස්සද කිව්වොත් ඉඟිනියාගල ජලාශය වාන් දමන්න (Spill) පටං ගත්තා. ඕක හරිම ලස්සන බලන්න වටින දර්ශනයක්. ඉතිං මිනිස්සු යනව ඕක බලන්න වැල නොකැඩී. අපිත් ඉතිං අම්පාරට අලුත්නෙ.

Saturday, January 12, 2013

35. අහසයි, පොළවයි.


මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි. ඒ වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔය කොයි කාගෙත් වෘතීය සංවර්ධනයට යොදාගන්න හැකි අදහස් මා ලඟ තියෙනවා.  මම ඔය කාණ්ඩ දෙක පමණක් පහසුවට සඳහන් කලත් පරාසය ඔයිට වැඩියි.

මේ උදාහරණයක්.

මේ ව්‍යාපාරිකයො දෙන්නා රටවල් දෙකකින්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් තමන්ගෙ රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන බවක් හෙම.

Thursday, January 10, 2013

34. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට තබා මලෙන් ලියමි

ඔබ සමහරෙකුගේ යෝජනා සලකා බලා මෙම ලිපිය ඉවත් කරන ලදි.
එහෙත්…
මෙම ලිපිය ලිවීමේදී සිද්ධිය මිස අනන්‍යතාවය හෙලි වෙන අයුරුන් කටයුතු නොකලෙමි.
අනික, මේ සිද්ධියේදී මතුකලේ, පෙමින් වෙලී සිටියදී නිරතුරුව අනෙකා ගැන තොරතුරු සොයාබලන පෙම්වතුන්, පසු කලකදී සම්පූර්ණ වටයක් ආපසු හැරී එකිනෙකා නොසලකා හරින කාලකන්නි ක්‍රමය ගැනයි.

මෙය මොවුන් දෙදෙනාට පමනක් පොදුවූ දෙයක් නොව සමාජයේ සුලභව දැකිය හැකි දෙයක් නිසා යම් අයෙකුගේ ඇස් ඇරවීම පිණිස මෙම ලිපිය ඉවහල් වේ යයි උදක් සිතුවෙමි.

Sunday, January 6, 2013

33. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු!

 Simulblogged at මට හිතෙන හැටි. Originally published at HeyDude.

හැම දෙසැම්බර් 31 වෙනිදාටම මම සිගරට් බීගෙන බීගෙන යන්නෙ පිස්සු හැදිලා වගේ. ඒකට හේතුව, හැම ජනවාරි පළවෙනිදටම, අලුත් අවුරුදු අධිෂ්ඨානයක් හැටියට, මම සිගරට් බීම නවත්තන නිසයි. කිව්වත් වගේ වැඩේ නැගලා යනවා. 

මම ජනවාරි පළවෙනිදට සිගරට් දිහා බලන්නෙ වත් නෑ. බොහෝවිට දෙවෙනිදත් එහෙමයි. ඔය තුන්වන දිනයත් හැටවන දිනයත් අතරෙදි තමයි වැඩේ චොර වෙන්නෙ. මට ඕනෙ වෙනවා, මම ඇත්තටම සිගරට් බීම අතෑරලා, නිකොටීන් ලෝලිත්වයෙන් මිදිලද කියලා දැනගන්න. ඉතින් මම සිගරට් එකක් බීලා බලනවා. පස්සෙ තව එකක්... ඊටත් පස්සෙ තව එකක්... මම තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන ඇති බව මටම ඔප්පු කරන්න. ටික දවසකින් බැලින්නම් ආයෙම මම හිටපු තැනමයි.

Wednesday, January 2, 2013

32. යුරේකා!!!!!

අද පාන්දර දෙකකුත් ගානකට අපි ආපහු ආවා.

අපිට කලින් ගෙදර ගිය ඉන්දියානුවො අපිට දවස් පහකට පස්සෙ ආපහු එද්දි කප්පාදුවට ලක්වෙච්ච අපේ නිවාඩුව හමාරවෙලා ආපහු එන්න සිද්ද වුනා.

නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන්. කොහොමත් අපි ගමන් යන්නෙ ක්ෂණිකව ගන්න තීරණ මත නිසාත්, පළවෙනිදා හැන්දෑවෙ ආපහු යන්න තියෙන නිසාත් පහුගිය දෙසැම්බර් තිස්වෙනිදා අපි A4 මාර්ගය දිගේ ඔහේ යන්න තීරණය කලා එක දවසේ රෝඩ් ට්‍රිප් එකක්.