Saturday, November 16, 2013

100. Ladies and gentlemen, we're cruising at 100 posts per 10.000 hours @ 80,000 hits...



"අනේ අගමැතියගේ කතා අහගෙන ඉන්න ගියාම..." මට එච්චරයි කියන්න ලැබුනේ. කලාතුරකින් කේන්ති යන තාත්තගෙන් වැදුන ටොකු පාර හන්දා වාක්‍යය එහෙමම දෙකට කැඩුනා.

"මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්නවා ඔක්කොටම ඉස්සෙල්ලා."

යුක්තියට ගරු කරන, ලොක්කන්ට කොන්ද නොනවන, නිදහස් මතධාරී තාත්තගේ මේ දෙපිටකාට්‍ටු කතාව මට පුදුමයක්.

"ඉතින් තාත්තෙ ඔයත් ඔය බනින්නේ ඔය යකාට."

Sunday, November 3, 2013

99. අපි එහෙමයි, ඈ.

තාම හති අප්පා.

ගෙදර ඉඳලා ඉස්කෝලෙට ඇවිදගෙන යන්න හරියටම විනාඩි දොළහක් යනවා. අද ඉරිදා උඹලට නිවාඩු වුනාට මේ රටවල් වල වැඩ කරන දවසක්නේ.
උදෙන්ම නැගිටලා නාලා, කාලා, ඇඳගෙන එළියට බහිනකොට 6.25යි. ‍ෆින්ගර්ප්‍රින්ට් අහවල් එකට ඇඟිල්ල තියන්න ඕනෙ 6.39 ට කලින්. අද විනාඩි කීපයක් පරක්කු නිසා දීපයි මායි වේගයෙන් ඇවිදගෙන ගියා. පාරට බැහැපු ගමන්ම පේන්නේ ලයිට් කණුවක් ගානේ දාලා තියෙන ජාතික කොඩි. ඒක මේ දවස්වල පුදුමයක් නොවෙන්නේ, ඡන්ද ආතල් එක නිසා පෝස්ටර් ගැහිලි, ජන්ද මීටිං, යකඩ කටෙන් කෑගැහිලි,  කොඩි, කොඩිවැල්, පෙළපාලි  පාරක් පාරක් ගානේ දකින්න තියෙන නිසයි.