Monday, December 16, 2013

101. ඩූඩ් + හනී බනී Love story


අක්කයි මල්ලියි


"අයියලා පහළොව ගෙදර ඉන්නවද?"

වැටට උඩින් ඔලුව දැමූ අල්ලපු ගෙදර ඇත්තී මිදුළේ රිය නතරකර ඉන් බැස ගත් මගෙන් ඇසුවාය.

"ම්ම්ම් ඇයි ඒ මොකක්ද විශේෂය?"

වෑන් රියේ යතුර සාක්කුවට ඔබන ගමන් මම ඇසුවෙමි.

"අපේ ගෙදර පාටියක් තියෙනවා. ඒකට ආරාධනා කරන්න."

"ම්ම්ම්... පහළොව නේ? හප්පා එදාට අපි අර ගමන යන්න ඕනේ නේද දීපා? මම මිදුලේ සිටි බිරිඳගෙන විමසුවෙමි..

ඇත්තෙන්ම අපි පහළොස්වෙනිදාට දුර ගමනක් යාමට සැලසුම් කරගෙන සිටි බව ඇත්තකි.  අල්ලපු ගෙදර ඇත්තීගේ  මුහුණ අඳුරු වෙනු පෙනුනි.

"ඇත්තෙන්ම බොහෝම කණගා‍ටුයි. අපිට ඉතින් සීමිත දින ගානක්නේ තියෙන්නේ. ඉතින් දිගටම  දවස් වලට ගමන් යොදාගෙන තියෙන්නේ. "