Tuesday, March 25, 2014

107. බදුලු කෝච්චිය. 1 වන කොටස




වුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරලා, පෙරුම් පුරලා, ඒත් නිවාඩුවේ අන්තිම මොහොතේ පුරුදු විදියට කල් දදා හිටපු වැඩක් යන්තම් කලා ඔන්න ගිය නිවාඩුවෙදි. රේල් ගේට්‍ටු ගාවා වාහනේ නවත්තගෙන බලා ඉන්න ගානේ, තාර පාරට සමාන්තර රේල් පාරක කෝච්චියක් දුවන ගානේ උත්සන්න වෙවී තිබුණු ආසාවක් මේක. දැන් අපි බදුලු ගියේ එහෙදි කරන්න තිබිච්ච මහලොකු වැඩකට නෙවෙයි, මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, උඹලා ඇස් ලොකු කරල කට ඇරගෙන බලා ඉන්නේ  ඇයි, හරියට  මුන්ට නම්  පිස්සු කියලා වගේ? ඇයි උඹලා කවදාවත් කොහේවත් ගිහින් නැද්ද ගමනාන්තයට වඩා ගමන රසවිඳින්න?

Monday, March 17, 2014

106.ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස

බ පසුගිය කොටස E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!  කියෙව්වේ නැති නම් කරුණාකර මෙතනින් යන්න.

මා වෙතට දිව එන අධිවේගී මාර්ගයේ ලුමිනස් රේඛා රෑ පුරා මට සිහිනෙනුත් පෙනුනා. කෙසේ හෝ උදෑසනම අවදිවී මම මුලින්ම කලේ චූන්ජිට දුරකථන ඇමතුමක් දීමයි.

"චූන්ජි, උඹේ වෑන් එකේ බැටරිය දීපංකෝ මට පැය කීපෙකට,"

"ඇවිත් ගලවගෙන පලයං, මචං."

"අනේ මචං හොඳ එකා වගේ උඹ ගලවලා ගෙනත් දීපංකෝ."

චූන්ජියා බැටරිය ගෙනැවිත් දෙන තෙක් මම මෝටර් විදුලි කාර්මික ශිල්පී ලක්ෂ්මන් අමතා වෙලාවක් වෙන් කර ගත්තා පැයකින් මුණගැසීමට.
 

Friday, March 14, 2014

105.E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!




ඇලුමිනියම් ගරාජ් දොරෙන් පරාවර්තනය වන  කහ පැහැති දුබල කණමැදිරි එලි යුගල දෙස මම බලාගෙන උන්නේ  විශ්මයෙන්. වහාම දොර ඇරගෙන එළියට බැසගත් මම වාහනය ඉදිරියට ගිහින්  බැලුවේ පළවෙනි වතාවට. මේක නම් අදහන්න බැරි දෙයක්.  හෙඩ් ලයිට් දෙක කළාමැදිරි දෙන්නෙක්ගේ එලිය වගේ තමයි!  එවිටම ගරාජයේ එලියේ විදුලි බුබුල දැල්වුනා. ආපහු ගිහින් රියැදුරු අසුනේ ඉඳගත් මම ගරාජ් දොර ලැසි ඉහලට එතෙන තෙක්  ඉවසීමෙන් බලා හිටියා.  ගරාජය තුලට වෑන් රථය පැදවූ මා යතුර කරකවා එන්ජිම නවත්වන්නට පෙර හොඳින් හිතා බැලුවා.