Thursday, May 22, 2014

114. ලේස් එකෙන් බේරුනා. Narrow Escapes Series.


මේ සිද්දිය වෙනකොට මට අවුරුදු හයක්, නැතිනම් හතක් ඇති. ඒ දවස්වල අපි හිටියේ බලංගොඩ. තාත්තයි, මායි තව කට්ටියක් එක්ක ගල් ඔය ව්‍යාපාරය බලන්න බස් එකක ට්‍රිප් එකක් ගිහින්, ආපහු එන ගමන්. අම්මයි, නංගියි නැතුව තාත්තයි, මායි විතරක් ගියේ ඇයි කියලා කියන්න මට හරියට මතක නෑ.

හැතැප්ම ගණනාවක්ම, තෙරක් නොපෙනෙන උක් යායවල් මැදින්, වැස්සේම බස් එක ගමන් කරනවා මට මතකයි.  එක තැනකදි අපි බස් එක නවත්තලා තේ බිව්වා.  අපිත් එක්ක ගිය කීප දෙනෙක් කම්බි වැටෙන් උක් වත්තට පැනලා උක් ගස් වලට වැඩේ දෙන්න මේ වෙලාව ප්‍රයෝජනේට ගත්තා. ඉස්සරහ තියෙන චෙක් පොයින්ට් එකේදි වාහනේ පරීක්ෂා කරාම, උක් ගස් කපපු බව මාට්‍ටු වෙලා, කට්ටියම අමාරුවේ වැටෙන බව මතක් වෙච්ච පිරිසේ හිටපු වැඩිහිටියෝ කීප දෙනෙක් මේ වැඩේට විරුද්ධ වුනත්, උක් වත්තට පැනපු උන් නෑසූ කන් ඇතුව, උක් ගස් කප,, කපා පාරට විසි කලා. හොරා කන එක කොහොමත් ආතල් වැඩක්නේ.

Sunday, May 18, 2014

113. Invisible Dude / ඉන්විසිබල් ඩූඩ්.

අද වැඩට ඇවිත්, ඇඟිල්ල තියලා පඩිපෙල දිගේ ස්ටාෆ් රූම් එකට යනකොටයි මතක් වුනේ ටයි එක දාන්න අමතක වෙලා කියලා. ටයි එක නැතුව වැඩ කරන එක වරදක් වුනත්, අද විභාග නිසා මේක නෝට් නොවෙන්න ඉඩ තියෙනවා කියලා මට හිතුනා. 

 ඒ ඔක්කොමත් හරි ඊයේ රෑ කොණ්ඩේ පොඩ්ඩක් ට්‍රිම් කරන්න ගිහින් දකුණු පැත්තේ ඇහිබැම කැපිලා ගියානේ, චිරිස් ගාලා. යකෝ මටත් වෙන දේවල් අම්මපා. ඒ ගමන ඩැමේජ් කන්ට්‍රෝල් එකක් හැටියට,  ඒ පැත්ත එක ගානට හිටින්න කොටට ට්‍රිම් කලත් ඇහිබැමේ වාටිය ඉතුරු වෙන්න මැද්ද ගෑවිලා ගිය එකට නම් හදන්න බෑ. මම කලේ ට්‍රිමර් එක අරගෙන අනිත් පැත්තත් කොට කරපු එකයි. ඒත් අර අගේට දළඹුවෙක් වගේ තිබ්බ ඇහිබැම ආපහු තිබුණ ගානට එන්න සෑහෙන කාලයක් යයි. 

Tuesday, May 13, 2014

112. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි



 කෝච්චි ගමනත් ඉවර වුනා. ඒ එක්කම කෝච්චි වලට, සංචාර වලට ප්‍රිය කරන, සමාන අදහස් දරන හුඟ දෙනෙක්ගේ අදහස් ප්‍රතිචාර වලින් දැනගන්නට ලැබුනා. 

කෙනෙක් කෝච්චි වලට හෝ වෙනයම් එවැනි දෙයකට දක්වන අසීමිත ආශාව තේරුම් ගන්න කෙනෙකුට අපහසු වෙන්න පුලුවන්. කෝච්චි ගැන වගේම ලංගම බස් ගැනත් බ්ලොග් අඩවියක් කිව්වාම සමහරු ඇහිබැම උඩදාලා අහන්නේ මොනවද බං ලංගම බං ගැන ලියන්න තියෙන්නේ කියලා.

කෝච්චි මගේ ජීවිතයට කොයි තරම් සමීපද කියලා මම  2012 ජූලි හත් වෙනිදා මගේම මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළකල මේ  ලිපිය කියෙව්වොත් දැනගන්න හැකියි. මතක තියාගන්න එතකොට මේ බදුලු ගමන යන්න හීන බලනවා විතරයි. බදුලු ගමන සිහිනයක් සෑබෑවීමක් වුනේ ඒ නිසයි.

ඒ වගේම ලිපිය අගට, මම ඒ ලිපියට පළවූ ප්‍රතිචාර වලින් මම ඉතාම ප්‍රිය කරපු ඒවා
කීපයක් අමුනන්නත් කල්පනා කලේ ලිපියට ඒවායින් වැ‍ටුනු එළිය ගැන හිතලාමයි.

♥ ♥ ♥ ♥ ♥

 අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි