Monday, July 28, 2014

120. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

අපි ගිය පාර නතර කලේ මෙතන...

මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා.

 අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්.

ඊට පස්සේ...

පඩි පෙල දිගේ පහලට  එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා.

කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට තේරෙන්නේ ඒකේ බර. යකෝ රාත්තල් දාහක් විතර බරයිනේ මේක! හොඳ  වෙලාවට මේක රෝද තියෙන ජාතියෙ එකක්.

කුණු බක්කිය පස්සට ඇල කරගෙන පාරට දුවන මම දකින්නේ කුණු ලොරිය අපේ පාරේ කෙළවරේ තියෙන පල්ලමේ වංගුවෙන් හැරිලා නොපෙනී යන හිත් කම්පා කරවන දර්ශනය.

ආආහ්හ්හ්හ්හ්!
තාත්තා මාව මරයි!
අම්මා මාව මරයි!

(ඒ දෙන්නා ඊට කලින් මහාමාරියෙන් මලේ නැතිනම් ඒ.)

මේ කුණුබක්කිය කොහොම හරි ලොරියට පටවන්න වෙනවා.
මේකට තියෙන්නේ එකම එක ක්‍රමයයි.

Friday, July 25, 2014

119. කුණු! -පළමු කොටස/ Trash! Part 1



ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්.

අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් ‍‍රැයක්.

අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ  එක නිසා නෙවෙයි.

අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. Trash Night!

මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම?

අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හැමෝගෙම නිරෝගීබව ගෙඩි පිටින්ම ‍රැඳිලා තියෙන්නේ මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වෙනවද නැද්ද කියන කාරණාව මතයි.

ඒක වෙන්නෙ මෙහෙමයි.

Saturday, July 19, 2014

118.ප්ලාස්ටරේ - Band-Aid – Part 2



අපි නැවැත්තුවෙ මෙතනින්නෙ. ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $!$%##$%@ @#හයියයියූඌඌඌඌ!%&^%#!! !!!!*!!!!! Grrrrrrrrrrrrr
මතක නැතිනම් කියවලම එන්නකො මෙතන ඔබලා.


ඊට පස්සෙ..

හපොයි ඇති, ඇති, ඇති. හොඳටම ඇති.
මේකනෙ මම විඳලා තියෙන පට්ටම දරුණු වේදනාව.
පට්ටම දරුණු වේදනා පිළිබඳ ඉතිහාසයේත් පට්ටම දරුණු එක.
 

හයියෝ.
 

ඉතින් බලන්නකො, මම තාම ගලවලා තියෙන්නෙ චූටි කොටසයි.
තව ඒ වගෙ කොටස් හැට අටහමාරක් ඉතුරු වෙලා තියෙනවා ගලවන්න.

චිරිස්‘ ගාලා ඇදලා දාන එක නෙවෙයි විසඳුම.
 

හැබැයි ස්ලෝ මෝෂන් මෝඩ් එකත් නෙවෙයි.
 

මේක තියෙන්න ඇරලත් බෑ,
 

ගලවන්නත් බෑ.
 

ගලවනවද නැත්ද?
 

ඕකනෙ වැඩේ.
 

ඕකයි අවුල.
 

ඇත්තට ඒකමද අවුල?
 

ඇත්තටම අතින් ගලවලා දානවට වඩා හොඳ ක්‍රමයක් ඇත්තෙම නැත්ද?
ඇදලා දාන එක නම්, ෆූඌඌ… අයියෝ… වාතයක්.

වාතයක්?
 

වාතය.
 

වාතය නැති තැන.
 

රික්තය.
 

ආන්න උත්තරේ!
 

වැක්‍යූම් ක්ලීනරේ !

Tuesday, July 15, 2014

117. ප්ලාස්ටරේ / Band-Aid

යාලා කවදාහරි ඇ‍ඟේ ප්ලාස්ටරයක් අලවගෙන ඉඳලා තියෙනවද, ප්ලාස්ටරේ ඉවරවෙන තැනයි, හම පටන් ගන්න තැනයි අඳුනාගන්න බැරුව යනකල්?

මම ඉඳලා තියෙනවා.
ම්ම්ම්… ඇත්තෙන්ම මේ දැනුත්!


අද වෙනකොට, මම මේ ප්ලාස්ටරේ ගහන් ඉඳලා තියෙනවා එක දිගටම මාසම හයක්!

කොහොමද වැඩේ?


බොරු කියන්නෙ මොකටද, ප්ලාස්ටරේයි, මමයි අතර දැන් අන්‍යෝන්‍ය බැඳීමක් ඇතිවෙලා. සංසාරගත බැඳීමක්!


ඕං මම කලා පොඩි ගණනය කිරීම් ටිකක්, මේක තවත් පැහැදිලි වෙන්න.
මම මේ ප්ලාස්ටරේ අලවං ඉඳලා තියෙනවා:


දවස් 182 1/2ක් . ඒ කියන්නෙ පැය 4380ක්. නැත්නම් විනාඩි 262,800ක්.
හෝ තප්පර 15,768,000ක්. තවත් නිවැරදිව කිව්වොත් …,
හ්ම්ම්, ඒකට නම් පු‍තෝ ටිකක් වෙලා යයි, මොකෝ ඕං කැල්කියුලේටරේටත් කෙල වුනා වගෙ, බින්දුවලට ඉඩ නැතුවද කොහෙද, මම තප්පරේකින් දාහෙන් පංගු බලන්න ගියාම!

Friday, July 11, 2014

116.හේයි ජූඩ් Hey Jude


දෙමව්පියො වගේම හුඟක් ගුරුවරුත් තමන් උගන්නපු ළමයි සමාජයේ උසස් තැන් වලට පත් වෙනවට ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙම වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන්ම මම කොළඹදි වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ. ඒකට ඉස්කෝලෙ පිහිටපු පරිසරයත් බලපානවා මම හිතන්න. හැමෝම නැතිවුනත් ඒකට ආපු සමහර ළමයි, අපි කුඩු කාරයො, බෝම්බ කාරයො, පාතාලයො කියලා හඳුන්වන සමාජ ස්ථරයෙ ජීවත් වුනු 'වතු' වලින් ආපු ළමයි. මුළදිම මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබුන හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි.