Saturday, March 21, 2015

129. බොරු නේද ඔය කියන්නේ?



ම ආයෙමත් ප්‍රින්සිපල්ගේ ඔෆීස් එක ලඟ ඉඳගෙන බලා ඉන්නවා.  වැඩේ  කියන්නේ තාම මම මේ ඉස්කෝලෙට ඇවිත් දවස් දෙකයි. දවස් දෙකට ප්‍රශ්ණ ඇති වෙච්ච ප්‍රශ්ණ නම්! හයියෝ කියලා වැඩක් නෑ...  ඊයේ මං මේ නිකාං අපරාදේ ඇදගෙන නාගත්තා. ඔව් මේ නිකාං අපරාදේ. කිසි වැඩකට නැතුව!

ඕන්න මම පාරෙදි දකිනවා රෝසපාට බෝ එක ඇඳගත්ත බුවෙක්. හරියටම රෝසපාට තඩි සමනලයෙක් බෙල්ලේ වහලා වහලා වගේ.  ඒක මම ජීවිතේට දැකලා තියෙන අජූවම බෝ එක. 


"මොනවද තමුසේ බලන්නේ?" පොර නැවතිලා මගෙන් අහනවා. පොරගේ මූඩ් එක එච්චර - එච්චර නෙවෙයි, කොහෙත්ම හොඳ නෑ.

Monday, March 16, 2015

128. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) - 1

මයි ෆස්ට් ලව්ස්?

නෑ... වැරදිලා ලිව්වා නෙවෙයි. ලව්ස් තමයි.

බඳින්න කලින්
ලව්ස් ඔක්කොම ෆස්ට් ලව්ස් කියලා කියමුකෝ.


අපේ එකෙක් (Blogger පල්ලා මම නෙවෙයි බොලව්) ගැල්ලමයෙකුට හෙන ට්‍රයි එකක් දෙන කාලෙ. ඒකි මූව ගනං ගන්නෙවත් නෑ. හරියට ඌ කියලා එකෙක් නැතුව වගෙ තමයි හැසිරීම. අන්තිමේදි මූ මෙන්න මෙහෙම ඩෙස්පරාඩෝ ප්ලෑනක් ගැහුවා.

"ඒ මචංලා, මං කියන්නද වැඩක්. මං දුවලා ගිහිල්ලා අර එන බස් එකේ එල්ලෙන්නං. උඹලා ඔක්කොම මට හූ කියාපල්ලා."

එතකොට තමයි අනිත් උන්ට දේරුනේ ඉතුරු ටික. හූ කියන කොට හැමෝම බලනවනෙ 'යකෝ කාටද මූං මේ හූ කියන්නෙ?' කියලා. 'Desperate times call for desperate measures' කියලා අර කවුද කිව්වලුනෙ. මේ වර්ණපාල තියරිය නෙවෙයි. වෙනත් ඊට වැඩිය සරළ ප්‍රථමික අහවල් එකක්.

අපි උදේට විවිධ පැති වලින් බස් වලින් ඇවිල්ලා මග ස්පොට් එකක සෙට් වෙලා තමයි යන්නෙ. මෙතන තමයි යුධෝපක්‍රම, යුධ සම්මන්ත්‍රන හෙම පවත්වන තැන. හරිම රසවත් දෙබස් මෙතන යන්නෙ. ම්ම්ම් .. එහෙම කාලයක්!!! ඒ කාලෙ කාපු බූට් වලට ඉතාලියටත් ලැජ්ජ හිතෙන්න ඇති. අනිත් එක අපි කියන දේ අහල පහල ඉන්න අනිත් ජහමනයාට ඇහුනාය කියලා ගානක්වත් අපිට තිබ්බෙ නෑ. අන්න මේ මොහොතේ අයිෆල් කුලුණ පැත්තෙන් කිඹුහුමක් ගියා කියලා රේඩාර් වුනා.

"අඩෝව්, මේ අහගනිල්ල," එකෙක් කියනවා, "පුදුමා...කාර තත්වයක් සහෝදරවරුනි උද්ගතවෙලා තියෙන්නෙ. ග්‍රහයො ඔක්කොම නීච වෙලා. සිකුරා ගැන කත්...තා කරලා වැඩක් නෑ."

දැන් අහල පහල ඉන්න බස් එනකල් ඔහේ බලාගෙන හිටපු ඩයල් ඔක්කොම බලා ඉන්නෙ අපි දිහා. 

"දැන් අලුතෙන් බඩු දාගන්න නෙවෙයි. තියෙන බඩු ‍රැක ගන්න බලාපල්ලා. ඒ තරං නරක කාලයක් ඩෝ."

පාරෙන් එහා පැත්තෙ පිරවුම් හලේ පෙට්‍රල් ගගහා හිටපු පොරත් හිනාවෙලා ඔලුව වනලා නොසල් එක පොම්පේ එල්ලුවා. ඌත් ඒ සන්තෑසියම වෙච්ච පොරක් වෙන්න ඇති.

ඒ වගෙම සපෝටර්ලගෙ සපෝට් එක ගන්න ගිහින් කෙල්ල සපෝටර්ට සෙට් වෙලා චාටර් වෙන අවස්ථා එමටයි.

අද වගේම 50% ලව් ඒ කාලෙත් තිබ්බා.

"ඒයි කොහොමද මචං උඹේ ලව?"
"සීයට පනහක් ගොඩ මචං."
"සිරාවටම?"
"ඔව් මචං හැබැයි ඒ පනහම මගෙ පැත්තෙන්. ඒකි දන්නෙවත් නෑ."
(aka One Way Love Affairs)


තව දෙයක් තමයි ගට නොමැති වීම. ඕක අහන්න ගියොත් මේ තියෙන අහවල් එකත් නැතිව යන්න පුලුවන් කියලා අස්ථාන බියක් ඇතිකර ගැනීම. ඒ නිසාම approach එක දවසෙන් දවසට කල් දැමීම. අද නෙවෙයි හෙට ෂුවර් එකටම අහනවා කියලා කිසිදා නො එන හෙට දවසකට කල් දානවා බාලගිරි දෝශය වගෙ. අන්තිමේදි බොහෝ විට වෙන්නෙ කොහේවත් ඉඳලා පාත් වෙන හැලපයෙක් (බ්ලොග් ලියන හැලපකඩේ එකා නොවේ. පොදු යෙදුමකි) කෙල්ලව ඩැහැගෙන යාම. වැඩේ චාටර්ම වෙන්නෙ පස්සෙ ඒකිත් කැමැත්තෙන් හිටපු බව ආරංචි වීම. එතකොට තමයි පශ්චාත් භාගයට පයිං ගහගෙන දිව විකාගෙන මැරෙන්න හිතෙන්නෙ. 

කෙනෙක් තව කෙනෙකුට ආකර්ශණය වෙන්නෙ මොකක් හරි විශේෂ ශාරීරික ලක්ෂණයක්, නැතිනම් ගතිගුණයක් හෝ ඒවාගෙ එකතුවක් නිසා. සමහරවිට අනෙකා ලඟ ඇති තමා රුචි නොකරන ඍන ලක්ෂණ පවා අර ධන ලක්ෂණවලට ටිකෙන් ටික යටපත් වෙනවා.තවත් විශේෂ දෙයක් තමයි මගේම වචනයෙන් කිව්වොත් "කැත ගෙවී යාම". කවදහරි පුදුමවෙලා තියෙනවද 'ඇයි දෙයියනේ අරූ අර වගෙ හුචක්කුවක් එක්ක යාලු වුනේ. මූට ඇස් පේන්නෙ නැත්ද?" කියලා. ඒක බොහෝ විට වෙන්නෙ දවස ගානෙ දකින මුන ගැහෙන ආශ්‍රය කරන කෙනාගෙ බාහිර ඍණ ලක්ෂණ යටපත්වෙලා, වෙනත් හැඟවිලා තිබ්බ ගතිගුණයක් ඉස්මතුවීම වෙන්න ඇති කියලා මට හිතෙනවා.

මට මතක් වෙනවා අපේ මලයා දවසක් කිව්ව කතාවක්. ඉතාම කෲශ (painfully thin, a man could get serious injuries on contact) කෙල්ලක්ව අතින් ඇදගෙන පේව්මන්ට් එක දිගේ වේගයෙන් ඇවිදගෙන ගිය ඩයල් එකක් දැකපු අඳුරන්නෙත් නැති පොරක් මල්ලිට කිව්වලු, "සුප් එකකට වෙන්නැති" කියලා.

ඒ වගේම නැලවිල්ලෙන් පැද්දිල්ලෙන්, ඇහැ කොනින් හොරෙන් බැලීමෙන් පටන් අරං අහස උසට බලාපොරොත්තු දීල, (මගෙම වචනවලින් කිව්වොත් Dangling sex in front of your face© මූණ ඉස්සරහ වැනීම), පස්සෙ බලනකොට වෙන කොහෙ හරි යන හාල්පාරුවෙක් එක්ක බස් හෝල්ට් එකක කතා කරකර ඉන්නවා, නැත්නම් මල්වත්තෙ අත් අල්ලාගෙන ඇවිදිනවා දකින කොට කොහොමද පපුවට දැනෙන සනීපේ?
ගෑල්ලමයින්ගෙන් මට ලැබිලා තියෙන උත්තර මම වර්ගීකරනය සඳහා ලැයිස්තුගත කරල බැලුවා.

ප්‍රශ්ණය: "ඇයි ඔයා මාත් එක්ක තරහ වෙලාද/ තරහද/ තරහෙන් වගේ? ඊ ටී සී.

පිළිතුරු: 
 
"තරහවෙන්න අපි යාලු වෙලා හිටියයැ?"
කතාව ඇත්ත. යාලුවෙල හිටියා කියන එක නිර්වචනය කරන්නෙ කොහොමද?

"අනේ ඩූඩ් අයියෙ, එයා කියනවා ඔයා කොච්චර හොඳ කොල්ලෙක් වුනත් ඔයා සීරියස් මදිලු"
මේ පණිවිඩය කියන්නෙ සපෝටර් නංගි. අඩු ගානෙ මං හොඳ කියන කැටිගරියෙ ඉන්නවනෙ

"අනේ ඩූඩ් අයියෙ, අපි සහෝදරයො වගෙ ආශ්‍රය කරමු."
මට කොච්චර නං සහෝදරියො හිටියද ඒ දවස්වල. තාත්තා පුදුම වෙයි දන්නවා නම්!
ඇති ඇති. ඔය ඇති.

ඔන්න ඔහොම එක කේස් එකක් කඩා වැටෙන කොටම තමයි මම අහම්බෙන් ලියපු තරඟ විගාගයකින් සමත් වෙලා ගුරු පත්වීමක් ලැබිලා අම්පාරට ගියේ. අප්‍රේල් නිවාඩුවට ගෙදර ආවම වැඩිපුරත් සතියක් නිවාඩු දාලා ඉන්න ගමන් මම පරන පුරුද්දට ගියා අර බස් එකේ. ඔන්න යකෝ අර ගැන්සිය ඉන්නවා.

මාව වටකරත්ත කෙල්ලො මගෙන් අහනවා:


"අනේ ඇයි ඩූඩ් අයියෙ ඔයා අපිව දාලා ගියේ?"

"ඔයා අපිත් එක්ක තරහද?"

"ඇයි ඔයාට අපිව එපා වෙලද?"

"ඇත්තටම ඩූඩ් අයියෙ ඔයා කොහෙද ඉන්නෙ?"

"මම ඉන්නෙ අම්පාරෙ" මම කිව්වා.

"අම්මෝ අම්පාර තියෙන්නෙ හරී ඇත නේද?"

"අනේ කැලේ නේද අනේ?"

"ඔයා බය නැද්ද ඔය කැලේ මැද්දෙ ඉන්න?"

"එහෙ සත්තුත් ඇතිනේ?" ("හුහ් සුකොමල ලලනාවො ටික!")

"අනේ අලි විමානෙලු නේ?"

"ඉන්නවා ඕනැ තරම්." මම කිව්වා.

"ඉතිං අයියේ එහෙ ඉන්නේ? මේ අපේ ඉස්කෝලෙට එන්නකො ඔයා."
"අනේ, අනේ ඔව් අනේ අපේ ඉස්කෝලෙට එන්න ඔයා." ඔන්න කට්ටියම උඩ පනිනවා දැං.

"නෑ. එහෙ ඉන්න දාර පිඹුරු වග වලස්සු මෙහෙ එවුන් තරම් දරුණු නෑ."
මේක කිව්වම මට මාර සනීපයක් හිතට දැනෙන්න ගත්තා, කාලයක් හිතේ තිබ්බ බරක් නිදහස් වුනා වගේ.

"ඔයා ඔය අපිට නේද කියන්නෙ? ඔයා හරී...නරකයි"

"කැමති විදියකට හිතාගන්න."

"ඒක නෙවෙයි අයියෙ, ඇත්තටම එහෙ අලි ඉන්නවද?"

"නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ." මම කිව්වා.

කෙල්ලො ටික කට ඇරන් මගෙ දිහා බලා ඉන්නවා මගෙ මූනට එබීගෙන මම කිව්වෙ ඇත්තක්ද බොරුවක්ද දැනගන්න. ඇත්තෙන්ම මට ලැබිලා තිබ්බෙ අම්පාර නගරයෙ පිහිටලා තිබ්බ හොඳම පාසැල් වලින් එකක් කියලා මම මුන්ට නොකිව්වෙ ආතල් එක කැඩෙන නිසා.

"හරි නංගිලා, මම යනවා, Good Bye!" කියපු මම ඒ නංගිලාගෙ ජීවිතවලින් ඇත්තටම ඉවතට ඇවිදගෙන ගියා අලුත් ලොවක් කරා.

Originally published @ මට හිතෙන හැටි.


Wednesday, March 11, 2015

127. “අද නම් මහා චාටර්ම දවසක් අප්පා!”

මට තියෙනවනෙ හිනාවෙනකොට ඇස්වලින් කඳුලු පනිනකල් හිනාවෙන සීන් එකක්. ඔන්න පහුගිය කාලෙ කියෙව්වා අර මියුරු කියන එකී ලියන බ්ලොගක් මුල ඉඳලා. මොකුත් නෑ අර කාලෙකින් දැක්කෙ නැතුව යට ගිහින් තිබ්බ සික්ස් පැක් එකත් ආපහු මතුවේගන ආව හිනා වෙච්ච තරමට. ඔන්නං ගිහින් බලන එකයි ඇත්තෙ.

ඔය විහිලු කිව්වාමත් සමහර විහිලු වලට ඇඬෙනවනෙ, හිනා යෑම කෙසේ වෙතත්. මේ සමහර විහිලු මම ඇත්තටම හිනාවෙච්චා. දීපයි මායි එකම විහිලුව කියවලා ඉස්සෙල්ලම දෙන්නම හිනා වෙනවා. ඊට පස්සෙ දීපා හිනා වෙන එක නවත්තලා මම දිහා බලා ඉන්නවා මොකද මම තාම හිනා වෙන්නෙ කියලා.

සමහර විට මට හිනා යනවා වැඩිද මන්දා!


Friday, March 6, 2015

126. අනේ මන් දන්නෑ ඕයි

පි පොඩි කාලේ එක ආණ්ඩුවකින් තීරණේ කලා කෑම අතරින් පට්ටම කෑම දඹලයි කියලා. දඹල මධ්‍යස්ථානයක්ද ආයතනයක්ද මොකක්ද කියලා එකකුත් ඇති කලා මට මතක් විදියට.

ඒ ආණ්ඩුව මාරු වෙලා, බස් හෝල්ට් වලයි, බස් එකේ ගහලා තියෙන ලංගම පටියෙයි පාට මාරු වෙනකොටම ඔන්න දඹල වල තිබ්බ ගුණ ඔක්කොම කැන්සල් වෙලා සෝයා බෝංචි පට්ටෙනුත් පට්ටම, පට්ට පට පට කෑම බවට පත් වුනා. ඊට පස්සේ සෝයා මීට්, සෝයා තෙල්, සෝයා අයිස්ක්‍රීම් වගේ හැම දෙයක්ම සෝයාකරණය වුනා.